මාතර දික්වැල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා ගුරුකන්ද නමින් හදුන්වන ඓතිහාසික දර්ශනීය භූමි භාගයේ 1919 වූ සැප්තැම්බර් මස දහවැනි දින සුභ මොහොතින් ආරම්භ කරන ලද බතීගම මහ විදුහල් මාතාව අද එකසිය තුන්වන ජන්ම දීනය ඉක්මවු මහ විදුහලක් හා අංග සම්පූර්ණ අධ්‍යාපන ආයතනයක් ලෙස සංවර්ධනයවී තිබේ.
ගුරුකන්ද නමින් හදුන්වන මෙම භූමි භාගයේ ඓතිහාසික තොරතුරු ඈත අතීතයට සම්බන්ධ කරනුයේ අදත් ශේෂව තිබෙන ආවාසය හා එහි අදිනලද බිතුසිතුවම් නිසාය. මෙම බිතුසිතුවම් මහනුවර යුගයට නෑකම් කියන චිත්‍ර සම්ප්‍රධායකින් යුක්තය. ගම්වාසීන් හා පාසල් මාතාවගේ දරුවන්ගේ බැතිබර වැදුම් පිදුම් අදත් ලබන මෙහි සමාධි බුදු පිළිමයක් හා හිටි බුදු පිළිම දෙකක්ද ඇත. බතීගමහා අවට ගම්වාසීන්ට මහත් අඬුවක්ව පැවති පාසලක අවශ්‍යතාව එකම දානපතීන්ගේ සහභාගීත්වයෙන් ලැබීම මහත් භාග්‍යකි.