විදුහල්පති පණිවිඩය
බතීගම මහා විද්‍යාලය

මාර/බතීගම මහ විදුහල දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බතීගම ප්‍රදේශයේ මුහුදු තීරයට යාබදව ඉතා අලංකාර භූමි භාගයක පිහිටා ඇති පාසලකි. 1919 සැප්තැම්බර් මස දහවැනි දින ආරම්භ කළ මෙම පාසල කලෙක ඉතා දියුණු තත්වයක පැවතියත් දැනට සිසුන්ගේ පහළ සහභාගිත්වයක් දක්නට ලැබේ. නාගරික ජනප්‍රිය පාසල් වල සිසුන් ඇදීයාම මේ සඳහා හේතු වන්නට ඇතැයි සැලකිය හැක. බතීගම ග්‍රාමයේ අඩු ආදායම්ලාභී දරුවන් වැඩි වශයෙන් මෙම පාසලේ ඉගෙනුම ලබන අතර ආර්ථික හා විවිධ සමාජයීය අපහසුතාවන් ගෙන් පීඩනයට පත් දරු දැරියන් මෙම පාසලේ ඉගෙනුම ලබන බවට හඳුනාගත හැක. බහුතරක් දරුවන්ගේ තත්ත්වය තත්වය එසේ වුවද බතීගම ප්‍රජාව තුළ ඉතා හොඳ ආර්ථික තත්ත්වයක් සහිත ආදි සිසු ප්‍රජාවක් සිටින බැවින් ඔවුන් පාසල වෙත බොහෝවිට තම සම්පත් දායකත්වය සැලසීමට නොපසුබට වේ. පාසල මුහුදු තීරය අසළ පිහිටා තිබීම මෙම පාසලේ නඩත්තු කටයුතු සඳහා බලපෑම් කරයි. යකඩ සහ විද්‍යුත් භාණ්ඩ නිරන්තර මළ බැඳීමට ලක් වීම තුළින් නිතර පාසල් ගොඩනැගිලි හා භාණ්ඩ අලුත්වැඩියා කිරීමටත් දිරා පත් වීමටත් ලක්වේ. 2004 වර්ෂයේ සුනාමියෙන් මෙම පාසල දැඩි අලාභ හානි වලට ලක්වී ඇති අතර ගොඩනැගිලි පහත් භූමියක පිහිටා තිබීම හේතුවෙන් විශාල ලෙස විනාශ වී ඇත. ඒ අනුව 2006 දී ප්‍රාදේශීය පරිත්‍යාගශීලීන් විසින් විශාල ගොඩනැගිල්ලක් පාසල තුළ පිහිටි උස් බිම් ප්‍රදේශයක් ද ස්ථාපිත කොට ඇති අතර දැනට පන්ති කාමර විශාල ප්‍රමාණයක් එම ගොඩනැගිලි තුළ ක්‍රියාත්මක කෙරේ. අලංකාර U හැඩති අදාල ගොඩනැගිල්ල තුල චිත්‍ර ඒකකය, විද්‍යාගාරය, නැටුම් ඒකකය, සංගීත ඒකකය, ගෘහ විද්‍යා ඒකකය, පුස්තකාල පරිශ්‍රය, පරිගණක ඒකකය හා කාර්යාල පරිශ්‍රය සඳහා විශාල පන්ති කාමර හා විශාල පරිශ්‍රයක් වෙන් කොට තිබීම තුළ සිසුන්ට ඉතා හොඳ ඉගෙනුම් පරිසරයක් සැකසී ඇත. මෙම නව ගොඩනැගිල්ල සකස් කොට වසර පහළොවක් 15 ක් වැනි කෙටි කාලයක් ගතවී තිබියද ස්ථානීය සාධක මත දිරාපත්වීම මත ඛේදජනක තත්ත්වයක් බවට පත්වී තිබේ. කෙසේ නමුදු මෙම පාසැල තුළ ඉතා හොඳ මානව සම්පත් ක්‍රියාත්මක වීම සතුටට කරුණකි. ගුරු භවතුන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය, සිසුන් මෙන්ම සුභ පතන්නන්ගේ සහාය තුළ පාසලේ කටයුතු ක්‍රියාත්මක වේ. මෙම විද්‍යාලයේ උන්නතිය සඳහා කැපවෙන සියලු දෙනා අගයන අතර නුදුරේ මෙම පාසල යහපත් පාසලක් වශයෙන් ගොඩ නැගීමට නැගීමට අපේක්ෂා කරමි. මාර/බතීගම මහා විද්‍යාලය වෙත සුභාෂණ ගෙන එමි.
T.M.C ජයලලිතා
විදුහල්පති
බතීගම මහා විද්‍යාලය