බතීගම ප්‍රදේශයේ පාසලක අවශ්‍යතාවය දැනුණු කාලයක හිටපු කම්කරු හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය හා හිටපු මියන්මාර තානාධිපති එච්.ආර්. පියසිරි මැතිදුන්ගේ පියානන් වන එච්.ආර්. මුහන්දිරම් අමරදාස මතිදුන්ගේ හා ප්‍රදේශයේ දානපතියන්ගේ ධන පරිත්‍යාගයෙන් පාසල පිහිටි ඉඩම් කැබැල්ල ලබාගෙන ගම්වැසියන්ගේ ශ්‍රම දායකත්වයෙන් පොල් අතු සෙවිලි කරන ලද ගොඩනැගිල්ලක් ඉදි කර 1919.09.10 වන දින සිසුන් 10 දෙනෙකුගෙන් ගුරු කන්ද පාසල ආරම්භ විය . පසු කලෙක පාසලේ නාමය බතීගම මහා විද්‍යාලය ලෙස වෙනස් කරන ලදී.